රනිල් ගේන්න ගිය ගෙවල් කුලී බද්ද ජනපති අනුර ඉවත් කරයි

රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා විසින් ගෙන ඒමට යෝජනා කරන ලද ගෙවල් කුලී බද්ද ක්‍රියාත්මක නොකිරීමට අනුර කුමාර ජනාධිපතිවරයාගෙන් නව රජය තීරණය කර තිබෙන බව මුදල් අමාත්‍යංශ ආරංචි මාර්ග උපුටා දක්වමින්, ද මෝර්නිං පුවත්පත වාර්තා කරයි. 

ඒ වෙනුවට විකල්ප යෝජනාවක්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඊළග සමාලෝචනයේ දී ශ්‍රී ලංකාව පාර්ශ්වයෙන් ඉදිරිපත් කිරීමට නියමිත ය. 

ගෙවල් කුලී බද්ද ලෙස මෙහිදී හදුන්වන්නේ, නිවාස කුලියට දී ගෙහිමියා උපයන ආදායම මත අය කරන බද්දයි. 

මෙම බද්දෙන් ආවරණය කර ගැනීමට ගිය බදු ආදායම උපයා ගත හැකි වෙනත් විකල්ප යෝජනා කෙරෙහි මේ වන විටත් භාණ්ඩාගාර නිළධාරීන්ගේ අවධානය යොමු වී ඇති බව පුවත්පත වාර්තා කරයි. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *