වත්මන් ආණ්ඩුවෙන් තමන් තනතුරු ඉල්ලා සිටියද තමන්ට කිසිදු තනතුරක් ලබා නොදුන් බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ ජාතික සංවිධායක සහ සමාජ ක්‍රියාකාරික අසේල සම්පත් මහතා පවසයි.
මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරන්නේ, වත්මන් පාලනය තුළ ප්‍රායෝගිකව වැඩ කිරීමට හැකියාවක් නොමැති “වැඩ බැරි ටාසන්ලා” පිරිසක් පමණක් මේ වන විට රැඳී සිටින බවයි.