අර්චුනා එක්ක පාර්ලිමේන්තුවේ එකට අසුන් ගන්න මට බෑ – ගජෙන්ද්‍රකුමාර් කතානායකගෙන් ඉල්ලයි

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් සමඟ එකට අසුන්ගෙන සිටිය නොහැකි බවත්, ඒ අනුව, තමන් දෙදෙනා එකිනෙකාගෙන් ඈත් කරන ලෙසත්, යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් කතානායකගෙන් ඉල්ලා තිබේ.

දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදීත්, සමාජ මාධ්‍යය ඔස්සේත් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් තමන්ට වාචික හිංසන සිදු කර ඇති බවත්, ප්‍රචණ්ඩව තර්ජනය කරන බවත්, ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් තව දුරටත් චෝදනා කරයි.

ඒ අනුව, දැනට අසුන් පනවා ඇති ආකාරය වෙනස් කර, අර්චුනා තමන්ගෙන් ඈත් කරන ලෙස ඔහු කතානායකවරයාගෙන් ලිඛිතව ඉල්ලා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *