උසස් පෙළදී මම ශ්‍රි ලංකා වාර්තාවක් තිබ්බා,ආර්ථික විද්‍යාවට මම ගත්ත ලකුණු තාම වෙන කෙනෙක් අරන් නෑ – උදය ගම්මන්පිල

තමන් ආර්ථික විද්‍යාව විෂයක් ලෙස ඉගෙන ගත් අයෙකු බවත්, 1988 වසරේ උසස් පෙළ විභාගයේ වාණිජ අංශයෙන් ලංකාවෙන්ම ප්‍රථමයා වූ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

“මම ලබාගත්තා 96% ක්, අදටත් ඒක වාර්තාවක්”
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, “මම ආර්ථික විද්‍යාව විෂයක් විදියට ඉගෙන ගත්ත කෙනෙක්. ඒ සම්බන්ධයෙන් උසස් පෙළ විභාගයේදී ශ්‍රී ලංකා වාර්තාවක් පවා තියලා තියෙනවා. 1988 වසරේ ලංකාවේ වාණිජ අංශයෙන් ප්‍රථමයා මම. මම ලබාගත්තා 96% ක්” යනුවෙනි.

“මම දන්න තරමින් අදටත් ඒක වාර්තාවක්. මට ආරංචි විදියට ආර්ථික විද්‍යාවට මම ගත්ත ලකුණු තාම වෙන කෙනෙක් අරන් නෑ” යැයි ගම්මන්පිල මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *