හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තමන්ට හෝ තම ව්‍යාපාරවලට කිසිදු විශේෂ උදව්වක් හෝ උපකාරයක් කර නොමැති බව ප්‍රකට ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.
ඔහු කියා සිටියේ, තම සහෝදරයා වූ මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයේ සිටියදී පවා තමන් කිසිදු නීතිවිරෝධී වාසියක් ලබා නොගත් බවයි.
“මෛත්‍රීපාල සිරිසේන අපිට කිසිම විශේෂ උදව්වක් උපකාරයක් කරලම නෑ. එහෙම උදව් ගත්තනම් මමත් අද පෝලිමේ හිරේ යන්න එපැයි” යැයි ඩඩ්ලි සිරිසේන මහතා එහිදී ප්‍රකාශ කළේය.
තවදුරටත් අදහස් දැක්වූ ඔහු, පසුගිය ජනාධිපතිවරණයේදී තමන් ඡන්දය ලබාදුන්නේ අනුර කුමාර දිසානායක මහතාට බවත්, ඒ සම්බන්ධයෙන් තමන් සතුටු වන බවත් සඳහන් කළේය. “හැබැයි දැන් පොඩි අසතුටු කතාවත් ඇහෙනවා” යැයි ඔහු උපහාසාත්මකව ප්‍රකාශ කළේය.