පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (04) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවට පැමිණ තිබේ.
එයාර් බස් ගනුදෙනුවට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා ඒ මහතාට අල්ලස් කොමිසම විසින් කැඳවීමක් කර තිබුණි.
ඒ අනුව ඒ සඳහා ප්‍රකාශයක් ලබා දීම සඳහා මන්ත්‍රීවරයා අද පෙරවරුවේ අල්ලස් කොමිසම වෙත පැමිණියේය.