ශ්‍රි ලංකා ක්‍රීඩකයෙක් ඇතුළත් කරමින් ලෝක කුසලාන කණ්ඩායම නම් කරයි

එක්දින ලෝක කුසලාන තරගාවලියේ ශූරතාව ඕස්ට්‍රේලියානු කණ්ඩායම හිමිකර ගැනීමෙන් අනතුරව මෙවර ලෝක කුසලාන කණ්ඩායම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නම් කර තිබේ.

රීඩකයින් 11 දෙනෙකුගෙන් සමන්විත මෙම කණ්ඩායමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් ද ඇතුළත්ව සිටීම විශේෂත්වයකි.

ඉන්දීය ක්‍රීඩක රෝහිත් ෂර්මා මෙම කණ්ඩායමේ නායකයා ලෙස නම්කර ඇත.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නම් කළ කණ්ඩායම් පහතින්,

ක්වින්ටන් ඩි කොක් (කඩුළු රකින්නා) (දකුණු අප්‍රිකා) – ලකුණු 594යි

රෝහිත් ශර්මා (නායක) (ඉන්දියා) – ලකුණු 597යි

විරාට් කෝලි (ඉන්දියා) – ලකුණු 765යි

ඩැරල් මිචෙල් (නවසීලන්ත) – ලකුණු 552යි

කේ.එල්. රාහුල් (ඉන්දියා) – ලකුණු 452යි

ග්ලේන් මැක්ස්වෙල් (ඕස්ට්‍රේලියා) – ලකුණු 400යි

රවින්ද්‍ර ජඩේජා (ඉන්දියා) – ලකුණු 120ක් සහ කඩුළු 16යි

ජස්ප්‍රිට් බුම්රා (ඉන්දියා) – කඩුළු 20යි

ඩිල්ෂාන් මධුසංඛ (ශ්‍රී ලංකා) – කඩුළු 21යි

ඇඩම් සම්පා (ඕස්ට්‍රේලියා) – කඩුළු 23යි

මොහොමඩ් ෂාමි (ඉන්දියා) – කඩුළු 24යි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *