රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ බිරිඳ ලිමිනී රාජපක්ෂ මහත්මිය, ලබන සැප්තැම්බර් 12 වැනිදා අනුරාධපුරයේ දී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනරැළියේ වේදිකාවට පැමිණෙන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර ගිය ප්රවෘත්ති සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ප්‍රකට ව්‍යාපාරික, LSR සමූහ ව්‍යාපාරයේ සභාපති, ලිමිනී රාජපක්ෂගේ පියා තිලක් වීරසිංහ මහතා පවසා තිබේ.
“අද වෙනකම් මම දන්න තරමින් ලිමිනී අනුරාධපුර ස්ටේජ් එකට නගින්නේ නෑ. එයා ස්ටේජ් නගින එක සුදුසු නෑ. එයාට තියෙන රාජකාරිය ඒක නෙවෙයි. මගේ කැමැත්තට විරුද්ධව දුව ස්ටේජ් නැග්ගොත් පවුල ඇතුළේ තීරණයක් ගන්න වෙනවා. තමන්ගේ මහත්තයා පහුකරගෙන ජනාධිපති කෙනෙක් වෙන්න යනවට මම කැමති නෑ,” යැයි ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වා තිබේ.