රුසියාවෙන් ආනයනය කරනු ලබන ඉන්ධන මෙරට භාවිත වන වාහනවල එන්ජින්වලට හානිකර බව සර්වජන බලය පක්ෂයේ මාධ්‍ය ලේකම් හසන් අලාල්දීන් මහතා පවසයි.
පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ කොවිඩ් වසංගත සමයේ මෙරටට ගෙන්වූ රුසියානු ඉන්ධන භාවිත කිරීම හේතුවෙන් වාහන රැසක එන්ජින්වලට බරපතළ හානි සිදු වූ බවයි.