ආණ්ඩුව අපට දීලා ගියොත් අවුරුද්දක් තුළ ඩොලරය රුපියල් 250 ට බස්සනවා – චන්න ජයසුමන

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ නොයා, රට ගොඩ දමන විකල්ප ක්‍රමයක් තමන් සතු-ව ඇති බව සර්ව ජන බලය පක්ෂයේ නායකයෙකු වන මහාචාර්ය චන්න ජයසුමන පවසයි.

තව දුරටත් රට පාලනය කිරීමේ හැකියාවක් තමන්ට නැති බව වත්මන් ආණ්ඩුව අවබෝධකරගෙන ඇති බැවින්, තමන්ට ආණ්ඩුව භාර දී ඉවත්වන ලෙසද ඔහු ජාතික ජනබලවේගය රජයෙන් ඉල්ලා සිටියි.

ආණ්ඩුව භාරගෙන අවුරුද්දක් යාමට පෙර ඩොලරය රුපියල් දෙසිය පනහ දක්වා පහත හෙලීමට තමන්ට හැකි බවද ඔහු වැඩිදුරටත් අවධාරණය කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *