පිටකොටුවේ ව‍ාඩි වුන අය තව දවස් දෙක තුනක් ඔතන වාඩිවෙලා හිටියා නම් දුවනකල් ගුටි කන්න වෙනවා – ජගත් මණුවර්ණ

හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ රැඳවුම් නියෝග මත සිටියදී මෙතෙක් කිසිදු සද්දයක් නොමැතිව බලා සිටි පිරිස් හි කෙඳිරිය, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට විදෙස් ගමන් තහනම පැනවීමත් සමඟ මේ වන විට අදෝනාවක් බවට පත් වී ඇති බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ පවසනවා.

මෙම සිදුවීමත් සමඟ කිසිම හාවක් හූවක් නැතුව හිටපු පිරිස් පිටකොටුවේදී තක්කඩියන් පිරිසක් සමඟ වාඩි වීමට කටයුතු කළ බවත්, එහි දවස් දෙකක් තුනක් සිටින විට විට ජනතාවගෙන් විරෝධතා එල්ල වූ බවත් අද (10) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා.

අද සවස ඔවුන් කොටුවේ විරෝධතාවෙන් නැඟිට ගොස් ඇති බවත්, තවත් දවසක් දෙකක් ඔවුන් එතැන සිටියා නම්, ඔවුන්ට මිනිසුන්ගෙන් ‍ගුටි කෑමට සිදුවන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ වැඩිදුරටත් ප්‍රකාශ කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *