මෙරට නිල විදෙස් සංචිතය IMF දුන් ඉලක්කය අභිබවා ගියා – මහ බැංකු අධිපති කියයි

රටේ නිල විදේශ සංචිත ප්‍රමාණය මේ වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලබා දුන් ඉලක්කයද ඉක්මවා ගොස් ඇති බව මහබැංකු අධිපතිවරයා පවසයි. 

ඊයේ, මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග පැවති හමුවක දී අධිපතිවරයා මේ බව පවසා තිබේ. 

රට තුළ පවතින නිල විදේශ සංචිත ප්‍රමාණය මේ වන විට, එක්සත් ජනපද ඩොලර් බිලියන 6.5 කට ආසන්න ය. 

වාහන ආනයනය කිරීමට රජය ගෙන තිබෙන තීරණය විදේශ සංචිත කෙරෙහි අහිතකර ලෙස බලපානු ඇද්දැයි ඇසූ විට මහබැංකු අධිපතිවරයා පවසා ඇත්තේ, අර්බුදයක් ඇති නොවන ලෙස එය කළමණාකරණය කරගත හැකි බවයි. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *