ඉදිරියේදි CTB සියළුම ගෙවීම් කාඩ්පත් මගින් පමණයි, ඒ සදහා සියල්ල සූදානම් වෙමින් පවතිනවා – ලංගම සභාපති කියයි

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය (SLTB) විසින් බස් ගාස්තු ගෙවීම සඳහා කාඩ් පත් භාවිතා කරන නව ක්‍රමයක් හඳුන්වා දීමට අවශ්‍ය සියලු කටයුතු මේ වනවිට සූදානම් කර ඇති බව සභාපති සජීව කනකරත්න මහතා සඳහන් කළේය.

එම නව ක්‍රමය ඉදිරි මාස කිහිපය තුළ ශ්‍රී ලංගම සේවාව තුළ ක්‍රියාත්මක කිරීමට නියමිත අතර, එමඟින් මගීන්ට පහසු සහ වේගවත් ගාස්තු ගෙවීම් අත්දැකීමක් ලබාදීමට අපේක්ෂා කෙරේ.

අද (16) දින මාතර සිට කොළඹ බලා ගමන් කරන මගීන්ගේ ප්‍රවාහන පහසුකම් පිළිබඳව සොයා බැලීමේදී මේ බව අනාවරණය විය.

තවද, ශ්‍රී ලංගම සේවාව ඩිජිටල්කරණය කිරීම ඇතුළු පොදු ප්‍රවාහන සේවාවේ නවීන වෙනස්කම් ඉදිරි වසර තුනක කාලය තුළ ජනතාවට දැකගැනීමට හැකි වන බවද වැඩිදුරටත් සඳහන් කරන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *