ඉදිරියේදී ලංකාවට ගෙන්න පුළුවන් මගීන් ගෙනියන්න පුළුවන් බස් විතරයි – ඇමති බිමල් රත්නායක

රට තුළ බැටරි බලයෙන් ක්‍රියාත්මක බස් රථ නිෂ්පාදනය දියුණු කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින්, ප්‍රවාහන, අධිවේගී මාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා අද මාධ්‍ය හමුවකදී අදහස් දක්වා තිබේ.

“අපි දැන් මේ යමින් ඉන්නෙ ඒවාට, හරි අර්ටෙයන් ගත්තොත් බස් කියන්න බෑ කියලයි ප්‍රවාහන විශේෂඥයෝ කියන්නෙ,” යැයි ඔහු පවසා තිබේ.

මීට අමතරව, “ඉදිරියට ලංකාවට ගේන්න පුළුවන්කම තියෙන්නෙ මගීන් ගෙනියන්න පුළුවන් බස් විතරයි, නැතුව භාණ්ඩ ප්‍රවාහනය සඳහා සුදුසු වාහනවල මගීන් ගෙනියන්න ඉදිරියේදී බෑ,” යැයි ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

මෙම ප්‍රකාශය හරහා, බස් රථ නිෂ්පාදනය හා ආනයනය සම්බන්ධයෙන් රජය ගනු ලබන තාක්ෂණික හා නියාමන ප්‍රමිතීන් වඩාත් දැඩි ලෙස ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව පෙනී යන අතර, මගී ආරක්ෂාව හා ප්‍රවාහන කාර්යක්ෂමතාව සම්බන්ධයෙන් නිසි ප්‍රමිතීන් සපුරාලන වාහන පමණක් රට තුළට ගෙන්වීමට රජය අවධානය යොමු කරමින් සිටින බව ද පෙනී යයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *