ඉන්දියානු ක්‍රිෂ් (Krrish) සමූහ ව්‍යාපාරයෙන් රුපියල් මිලියන 70ක අල්ලසක් ලබාගත් බවට චෝදනා ලද පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහි නඩුවේදී, ක්‍රිෂ් සමාගමට යොදාගෙන ඇත්තේ මුදල් විශුද්ධිකරණය හරහා උපයාගත් ධනය බව ඉන්දීය රජය අන්‍යෝන්‍ය නීතිමය සහාය (Mutual Legal Assistance – MLA) ක්‍රියාවලිය ඔස්සේ මෙරටට නිල වශයෙන් දැනුම් දී ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව අද අධිකරණයට දැනුම් දුන්නේය.