ඉන්දියාව – ලංකාව යා කරන පාලම හදන වැඩේට ඉන්දියාව ක්‍රියාත්මක වෙයි

ශ්‍රී ලංකාව හා ඉන්දියාව යා කරමින් ඉදිකිරීමට යෝජිත පාලම පිළිබඳ ශක්‍යතා වාර්තාවක් කැඳවීමට ඉන්දීය රජය තීරණය කර ඇත.

ඉන්දියාවේ ධනුෂ්කොඩි හා තලේමන්නාරම යා කරමින් මෙම පාලම ඉදිකිරීමට යෝජිතය. එහි දිග කිලෝ මීටර් 23 කි.

පසුගිය වසරේ ජූලි මාසයේ ජනපති රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ඉන්දීය සංචාරයේදී මේ පාලම ගැන සාකච්ඡා විය.

2015 වසරේදී ඉන්දීය ප්‍රවාහන ඇමැති නිතින් ගාඩ්කාර ප්‍රකාශ කළේ, දෙරට යා කරමින් පාලමක් සෑදීමට යෝජනා වී ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *