පොලිස් ඇඳුමට බොඩි කැමරා සවි කරන්න – මහජන ආරක්ෂක අමාත්‍යාංශය ටෙන්ඩර් කැදවයි

රළුවාහන හසුරුවන පොලිස් නිලධාරීන්ගේ නිල ඇඳුම්වල සවි කිරීම සඳහා මුල් පියවර වශයෙන් ඉතා සියුම් කැමරා පන්සියයක් ගෙන්වා ගැනීමට ටෙන්ඩර් කැඳවා ඇතැයි මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් පැවැසීය.

මේ අනුව ක්‍රම ක්‍රමයෙන් මෙම කැමරා මෙසේ ගෙන්වන බව ද එම ප්‍රකාශකයා කීවේය.

මෑතකදී සිට මාර්ග නීති කඩකරන ඇතැම් රියැදුරන් සහ පොලිස් නිලධාරීන් අතර මත ගැටුම් සිදුවෙන අයුරු නිතර නිතර සමාජ මාධ්‍යවලින් දකින්නට ලැබෙන බවත් මෙම කැමරා සවි කිරීමෙන් සැබෑ තතු අනාවරණය විය හැකි බවත් පොලිසිය කියයි. මෙම කැමරා නිල ඇඳුමේ සවි කිරීමෙන් විනය කඩන පොලිස් නිලධාරීන් පවා හඳුනා ගැනීමට හැකි බව පොලිස් ප්‍රකාශකයෙක් සඳහන් කළේය. ඉදිරි කාලයේදී මෙම කැමරා ක්‍රම ක්‍රමයෙන් මෙරටට ගෙන්වනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *