රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී, මේජර් ජෙනරල් (විශ්‍රාමික) සුරේෂ් සලේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා තබාගෙන සිටින ආකාරය පිළිබඳව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) දේශපාලන මණ්ඩල සභාපති නාමල් රාජපක්ෂ මහතා සිය දැඩි කනස්සල්ල පළ කර තිබේ
මාධ්‍ය වාර්තා සහ සුරේෂ් සලේ මහතාගේ නීතිඥවරයා විසින් අධිකරණය හමුවේ මතු කරන ලද කරුණු පාදක කරගනිමින් ඔහු මෙම විශේෂ නිවේදනය නිකුත් කර ඇත
“අප සියලු දෙනාටම පාස්කු ඉරිදා ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටු විය යුතුයි. එහෙත් එය පක්ෂග්‍රාහීත්වයෙන්, දේශපාලන බලපෑම්වලින් හෝ තෝරාගත් පිරිසකට පමණක් නීතිය ක්‍රියාත්මක කිරීමෙන් තොරව සිදුවිය යුතුයි
රජය විසින් සිදු කරනු ලබන විමර්ශන සම්බන්ධයෙන් විපක්ෂයේ ස්ථාවරය පැහැදිලි කරමින් ඔහු කියා සිටියේ වගවීම අත්‍යවශ්‍ය කරුණක් වුවද, එය දේශපාලන දඩයමක් නොවිය යුතු බවයි
“විපක්ෂය ලෙස අප පාස්කු ඉරිදා පරීක්ෂණවලට විරුද්ධ නැත. වගවීම අත්‍යවශ්‍ය කරුණකි. එහෙත් දේශපාලන අරමුණු මත මෙහෙයවෙන පරීක්ෂණ කිසිදා පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට සැබෑ යුක්තිය ඉටු නොකරනු ඇත. ඒ පිළිබඳ මගේ ස්ථාවර අදහස එයයි.”
දේශපාලන න්යායපත්ර අනුව සිදුකරන විමර්ශන මඟින් සිදුවන්නේ සැබෑ වැරදිකරුවන් සැඟවී, නිලධාරීන් දේශපාලන පළිගැනීම්වලට ලක්වීම පමණක් බව ඔහුගේ මෙම ප්‍රකාශයෙන් වැඩිදුරටත් අදහස් කෙරේ