රට පුරා පිහිටි දුම්රිය ස්ථාන 100ක් ජාත්‍යන්තර තත්ත්වයෙන් පූර්ණ වශයෙන් නවීකරණය කිරීමේ රජයේ තීරණය යටතේ නවීකරණය කිරීමට කළුතර දිස්ත්‍රික්කයේ දුම්රිය ස්ථාන 05ක් තෝරාගෙන තිබේ.
ඒ අනුව තෝරාගෙන ඇත්තේ පානදුර, වාද්දුව, දකුණු කළුතර, බේරුවල හා අළුත්ගම යන දුම්රිය ස්ථානයි.
මෙහි මූලාරම්භය ලෙස මරදාන දුම්රිය ස්ථානය නවීකරණය කිරීමේ කටයුතු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ආරම්භ කෙරුණු අතර ඒ සඳහා පූර්ණ දායකත්වය දක්වන්නේ තේ අපනයන සමාගමක් වන අක්බාර් සමාගමයි.
කළුතර දිස්ත්‍රික්කයෙන් තෝරාගෙන ඇති සෑම දුම්රිය ස්ථානයක්ම සංචාරක කලාපය තුළ පිහිටා ඇති නිසා ඒවායේ නවීකරණ කටයුතු සඳහා ඒවා ආශ්‍රිත සංචාරක හෝටල් සහ ව්‍යාපාරික ආයතනවල දායකත්වය ලබා ගන්නා ලෙස ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ ගුවන් සේවා ඇමැති බිමල් රත්නායක මහතා කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ පැවැති දිස්ත්‍රික් ප්‍රවාහන හා මහාමාර්ග කමිටු රැස්වීමේදී පළාත් පාලන ආයතන ප්‍රධානීන්ට උපදෙස් දුන්නේය.
මේවායේ ඉහළ ප්‍රමිතියෙන් යුතු වැසිකිළි හා සනීපාරක්ෂක පහසුකම් ඇතුළු විශේෂාංග රැසක් ඇතුළත් වන අතර ඩිජිටල් පුවරුද සවි කෙරෙන බැවින් අනුග්‍රාහකයන්ගේ ප්‍රචාරක කටයුතුද සිදු කරගත හැකි බව ඇමැතිවරයා මෙහිදී සඳහන් කළේය.