නියමිත අධ්‍යාපන සුදුසුකම් වෙනස්කර යෝෂිත රාජපක්ෂව නාවික හමුදාවට බඳවා ගැනීමට පෙරම ඔහුව බ්‍රිතාන්‍යයේ රජකීය නාවික හමුදා ඇකඩමියේ පුහුණුවට යැවීම සඳහා හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ ඉල්ලීමක් කර තිබී ඇති බව අනාවරණය වී තිබෙනවා.
යෝෂිත රාජපක්ෂ නාවික හමුදාවට බඳවා ගැනීම හා ඔහුව විදේශ පුහුණුවලට යැවීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සිදුකරන විමර්ශනයේදී ඒ බව අනාවරණය වී තිබුණා.
යෝෂිත රාජපක්ෂව නාවික හමුදා කැඩේ පුහුණුවට බඳවාගෙන තිබුනේ 2006 වසරේ දෙසැම්බර් මාසයේදී වන අතර ඔහුව බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදා පුහුණුවට යැවීම සඳහා හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ ඉල්ලීම් කර තිබෙන්නේ 2006 සැප්තැම්බර් මාසයෙදීයි.
යෝෂිත රාජපක්ෂ ඇතුළත් කරගත් නාවික හමුදා කැඩෙට් පාඨමාලාව සඳහා බඳවා ගැනීමට පුවත්පත්වල දැන්වීම් පළකර තිබුනේ 2006 ඔක්තෝබර් මාසයේදී යි.