මිත්‍යාදෘෂ්ටික පාලකයන් පැමිණි සෑම අවස්ථාවකදීම, ඔවුන් ශාසනයට පහරදීමට කටයුතු කළ බව පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් ප්‍රකාශ කරනවා.
ඉංග්‍රීසි, ලන්දේසි, පෘතුගීසීන් එලවා දැමීමට කටයුතු කරමින් රටේ දේශප්‍රේමී සිංහල නායකයන් බිහි කිරීම වෙනුවෙන් කැපවූයේ ද භික්ෂූන් වහන්සේලා බවයි උත්සවයක් අමතමින් උන්වහන්සේ සඳහන් කළේ.
නමුත් වත්මන් පාලකයන් මේ පිළිබඳව නොදන්නා බවත්, ඒ හේතුවෙන් භික්ෂූන් වහන්සේලාට දෝෂාරෝපණය කිරීමට කටයුතු කරන බවත් උන්වහන්සේ පෙන්වා දුන්නා.
අන්තර්ජාලය තුළ භික්ෂූන් වහන්සේලාට තරම් වෙනත් කිසිවෙකුට චෝදනා කිරීමක් සිදු නොවන බව ද උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළා.
අතීතයේදී, බුද්ධ පූජාව අනුභව කර, කැලෑවල සැඟවී, 88/89 සමයේ හමුදාවෙන් බේරුණු පිරිස් වත්මන් රජයේ ඇමැතිකම් සහ නියෝජ්‍ය ඇමැතිකම් ලබාගෙන, දැන් භික්ෂූන් වහන්සේලාට චෝදනා කිරීමට පියවර ගෙන ඇති බවයි පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් අවධාරණය කර සිටියේ.