“මාව ජනපති කළේ මගේ පවුල නෙවෙයි. මේ රටේ වැඩකරන, දුක් විඳින ජනතාව” යනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.
නුවරඑළියේ පැවති ජාතික ජන බලවේගයේ මැයි දින රැලිය අමතමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය.
“අපි සමානයි. අයියා, මල්ලි, අම්මේ, පුතා කියලා කතා කරන්න පුළුවන්” යනුවෙන් ජනතාව අමතමින් ඔහු වැඩිදුරටත් පැවසීය.