පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් පසුව මඩකලපුව බන්ධනාගාරයේ රඳවා සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ යන මහත්වරුන් හමුවී ඇති බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.
එම හමුවේදී ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත්වීමෙන් සතියක් ඇතුළත පිල්ලෙයාන් මහතාගේ ඇප ලබාදීමට පියවර ගන්නා බවට එම පිරිස විසින් දැනුම් දී ඇති බව ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එහිදී සඳහන් කළේය.
මෙම තොරතුරු අනාවරණය කර ඇත්තේ පිල්ලෙයාන් මහතාගේ හිටපු පෞද්ගලික ලේකම් අසාද් මවුලානාගෙන් ලබාගත් ප්‍රකාශයක් පදනම් කරගෙන බව දිලීප පීරිස් මහතා අධිකරණයට දැන්වීය.
දැනට ප්‍රංශයේ පදිංචිව සිටින අසාද් මවුලානාගේ ප්‍රකාශය ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේදී සටහන් කරගත් බව ද ඔහු වැඩිදුරටත් හෙළි කළේය.