මාලිමා මන්ත්‍රී මැදිහත් වී යාපනයේ හුණුගල් ජාවාරම්කරුවන් පොලිසියට කොටු කර දෙයි

යාපනයේ සිට ත්‍රිකුණාමළයට නීති විරෝධී ලෙස හුණුගල් ප්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථයක් අතරමගදී නතර කළ ජාතික ජන බලවේගයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ඉලන්කුමරන් එම ටිපර් රථය සමග සැකකරුවන් දෙදෙනා චාවාකච්චේරී පොලීසිය වෙත බාර දී තිබේ.

ඊයේ (05) රාත්‍රියේ දී මෙම සිද්ධිය වාර්තා වී තිබිණි.

යාපනයේ පළාත් කීපයකින් හුණුගල් නීටි විරෝධී ලෙස කපා ත්‍රිකුණාමළයේ සිමෙන්ති කම්හල් වෙත රැගෙන ගොස් අලෙවි කිරීමේ ජාවාරමක් මෑතක සිට ආරම්භ වී තිබේ.

මෙසේ හුණුගල් කැපීම නිසා යාපනයේ පළාත් කීපයක වැසියන්ගේ ඉඩම් විශාල වලවල් බවට පත් වී දැඩි පරිසර හානියක් සිදුවෙමින් පවතී. මේ පිළිබදව ජනතාව යාපනයේ දේශපාලනඥයින්ට දැණුම් දීමෙන් පසුව අදාල මන්ත්‍රීවරයා මෙම පියවර ගෙන තිබේ.

මන්ත්‍රීවරයා විසින් පොලීසියට බාර දුන් හුණු ගල් සහිත ටිපර් රථය හා සැකකරුවන් දෙදෙනා මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන්ගේද සහය ඇතිව චාවාකච්චේරී අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලීසිය පියවර ගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *