ජනවාරි 29 සිට TRCSL Approval නොමැති දුරකථන සක්‍රීය කිරීම අවහිර කරයි

2025 ජනවාරි මස 29 වන දින සිට ශ්‍රී ලංකාවේ දුරකතන ජාලයන් වල සක්‍රීය නොකරන ලද TRCSL Approval නොමැති ජංගම දුරකතන සක්‍රීය කිරීම අවහිර කරන බව විදුලි සංදේශ නියාම කොමිශන් සභාව නිල වශයෙන් නිවේදනය කරලා තියෙනවා.

2025 ජනවාරි 28 වෙනකන් ලංකාවේ network එකක්ට සම්බන්ධ කරලා active කරන දුරකතන වලට මේ සීමාව අදාල වෙන්නේ නැ කියලත් විදුලි සංදේශ කොමිශන් සභාව ඒ නිවේදනයේ සඳහන් කරලා තියෙනවා.

මේක නිසා ලංකාවේ mobile phone market එකේ TRCSL approval devices වල​ට තාවකාලික​ව අනවශ්‍ය විදිහේ මිල වැඩි වීමක් වෙයි කියල තමයි මත පල වෙන්​නේ. ඒ කොහොම උනත් දැන් TRCSL approval නැති ෆෝන් එකක් මේ වෙනකොටත් ඔයා පාවිච්චි කරනවා නම් බය වෙන්න එපා. 29 වෙනදා ඉඳලා ලංකාවේ network එකකට මුලින්ම connect වෙන devices වලට තමයි සීමාව පැන වෙන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *