ජනවාරි 03වන සතියේ සිට වී මිලදී ගැනීමට රජය සූදානම් වෙයි

ජනවාරි 03 වන සතියේ සිට වී මිලදී ගැනීම් කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව රජය පවසයි.

වී මිලදී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්ලන්ද මහතා සඳහන් කළේ ලක්ෂ තුනක ප්‍රමාණයක් වී මිලදී ගැනීමට සැලසුම් කර ඇති බවය.

ඒ සඳහා වී අලෙවි මණ්ඩලය සතුව බහුතික ප්‍රතිපාදන පවතින බවද සඳහන් කරන ඒ මහතා ඉතා ඉක්මනින් ඊට අදාළ මුදල් වෙන් කර ගැනීමේ කටයුතු සිදුකර ගැනීමට නියමිත බවද පැවසීය.

මෙලෙස ලබා ගන්නා වී රජයේ සංචිත වශයෙන් තබා ගන්නා අතර වෙළෙඳ පොළ තුළ සහල් හිඟවූ අවස්ථාවේදී පමණක් ඒවා නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවත් ඔහු සඳහන් කළෙය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *