ජනවාරි සිට රාජ්‍ය සේවක වැටුප් ඉහළ දමයි


ලබන වසරේ සිට රාජ්‍ය සේවක වැටුප් ඉහළ දමන බවත්, හිඟ රුපියල් 5,000 දීමනාව ලබන ජනවාරි මස ලබා දෙන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් පවසනවා.

ඔහු කියා සිටියේ චක්‍ර ලේඛයේ සඳහන් පරිදි අදාළ වැටුප් වැඩි කිරීම් සිදු කරන බවයි.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කරලා රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කිරිමට යෝජනාවක් සම්මත කර තිබෙනවා.

නමුත් වසර ගාණනාවක් පාර්ලිමේන්තුවේ හිටපු අයෙකු වශයෙන් භාණ්ඩාගාරයේ මුදල් තියෙවාද නැද්ද යන්න හිටපු ජනාධිපතිවරයා විමසා නොතිබු බව අමාත්‍යවරයා මෙහිදී හෙළි කර සිටියා.

අපි කවදාවත් රාජ්‍ය සේවකයින් රවට්ටන්නේ නැති බව ඔහු මෙහිදී කියා සිටියා.

උදය ආර් සෙනෙවිරත්න මහතාගේ වාර්තාව අනුව ජනවාරි මාසයේ සිට වැටුප් වැඩි කිරිමට තීරණයක් කර නොමැති බව ඔහු මෙහිදී කියා සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *