බුදු දහමට අත තැබීමට කිසිවෙකුටත් ඉඩ නොදෙන බවට අවධාරණය කරමින්, ආපස්සට හැරවූ රට නැවත නිවැරදි පීල්ලට ගත හැකි එකම නායකයා නාමල් රාජපක්ෂ මහතා පමණක් බව පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියෝ පවසති.
හෝමාගම පැවැති ජනහමුවක් ඇමතෙමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළහ.
රටේ වත්මන් තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින් උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළේ, ඉදිරි අභියෝගයන්ට මුහුණ දෙමින් රට නිවැරදි මාවතකට මෙහෙයවීමේ නායකත්වය සහ හැකියාව පවතින්නේ නාමල් රාජපක්ෂ මහතාට පමණක් බවයි.