ජොන්ස්ටන් වහා අත්අඩංගුවට ගනු – කොළඹ මහාධිකරණය නියෝග කරයි

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් පවරා ඇති නඩුවකට අදාලව අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන්, හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට ගැනීම සදහා කොළඹ මහාධිකරණය වරෙන්තු නිකුත් කර තිබේ.

දින කිහිපයක් අතුරුදන්ව සිටි ජොන්ස්ටන් ප්‍රනාන්දු මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ සිටියි.

ඒ, ලියාපදිංචියෙන් තොර බී.එම්.ඩබ් රථයක් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස කරන ලද දැනුම් දීමකට අනුවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *