වැඩබිමේ සිදුවූ අනතුරක් නිසා කාන්තාවකගේ උරහිසට අඟල් කීපයක් පහළින් කැපී වෙන්වී ගිය අතක් පැය හයක ශල්‍යකර්මයකින් පසු යළි බද්ධ කිරීමේ විශිෂ්ට ව්‍යායාමයක් මහනුවර ජාතික රෝහලේ දී අද සිදුවන්නේය.
මේ සංකීර්ණ ශල්‍යකර්මය සිද්ධවන්නේ මහනුවර ජාතික රෝහලේ විශේෂඥ ප්ලාස්ටීක් ශල්‍ය වෛද්‍ය අමිල සසංක රත්නායක ප්රමුඛ කණ්ඩායම විසිනි.
සිද්ධිය මෙසේය.
ඇය 35 හැවිරිදි කොහු කර්මාන්ත ශාලාවක ශ්‍රමික කාන්තාවකි. මේ කාන්තාව කොහු අඹරන යන්ත්‍රය පිරිසිදුකරමින් සිටියාය. කරුමයකි. එක්වරම යන්ත්‍රය ක්‍රියාත්මක විය. අත යන්ත්‍රය තුළය. උරහිසේ අඟල් කීපයක් පමණක් ඉතිරිකර අත කැපී වෙන්වී විසිව ගියේය.
අධික රුධිර වහනයකි. සියල්ලන් බියෙන් බිරාන්තවය. වෙන් වී ගිය අත අයිස් බෑගයක දමාගෙන කාන්තාව වහාම අනුරාධපුර රොහලට අතුළත් කර තිබිණි. අනුරාධපුර මහා රෝහලේ වෛද්‍යවරු රෝගියාට මූලික ප්‍රතිකාර කිරීමෙන් අනතුරුව හැකි ඉක්මනින් මහනුවර ජාතික රෝහල වෙත එවනු ලැබුවේය.
මහනුවර ජාතික රෝහලේ ප්ලාස්ටික් විශේෂඥ ශල්‍ය වෛද්‍ය අමිල සසංක රත්නායකය. ඔහුගේ මෙහෙයවීම යටතේ වෛද්‍ය උදය කිරිදෙන, වෛද්‍ය සතිර ප්‍රේමරත්න, විකලාංග ශල්‍ය වෛද්‍ය, ජ්‍යෙෂ්ඨ ලේඛකාධිකාරී උදාර රත්නායක, නිර්වින්දන විශේෂඥ වෛද්‍ය උඩුවෙල, වෛද්‍ය කසුන් හා සේනක මෙම සැත්කමට සම්බන්ධ වූ වෛද්‍ය කණ්ඩායම වූහ.
ශ්‍යාමා නානයක්කාර, සිතාරා සුරවීර,චන්දිමා සෙනවිරත්න, තිළිණි අබේවර්ධන,එරන්දි මදුෂානි,සාසනී කොස්තා යන හෙද නිලධාරීන් ඇතුළු කණ්ඩායමක් ද වෛද්‍ය කණ්ඩායම හා එක් වූයේය.
අනතුරින් පසු අතින් වෙන් වූ කොටස අයිස් වල ගිල්වා ඉතා සුරක්ෂිතව රෝහල කරා යොමු කිරීමට අනුරාධපුර රෝහලේ වෛද්‍යවරු ඇතුළු කාර්ය මණ්ඩලය කටයුතු කර තිබුණහ.
මේ හේතුව නිසා කැපී වෙන් වූ අත සාර්ථකව බද්ධ කිරීමට හැකි වූ බව සැත්කමට සම්බන්ධ වූ වෛද්‍යවරු කීහ.
සැත්කමට ලක් වූ රෝගියා මහනුවර ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින්ය.