විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් විසින් පසුගිය ජූනි මාසය තුළදී එක්සත් ජනපද ඩොලර් මිලියන 635.7 ක මුදල් ප්‍රමාණයක් විදේශ ප්‍රේෂණ ලෙස මෙරටට එවා ඇති බව මහබැංකුව පවසයි.
එය 2024 වසරේ ජූනි මාසයේ එවන ලද ප්‍රේෂණ සමග සසදා බැලීමේ දී 22% ක වර්ධනයකි.
2024 වසරේ ජූනි මාසයේ එවා තිබූ විදේශ ප්‍රේෂණ ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 519.6 කි.