ජවිපෙ පාක්ෂිකයෝ ඇවිත් හර්ෂණ සූරියප්පෙරුමගේ ගෙදරට ගොම ගැහුවා – සුගීෂ්වර බණ්ඩාර කියයි

මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාගේ නිවසට ගොම ප්‍රහාර එල්ල කළේ ජනතා විමුක්ති පෙරමුණේම පාක්ෂිකයන් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුගීශ්වර බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, “ජනතා විමුක්ති පෙරමුණේ පාක්ෂිකයන් ගොම ප්‍රහාර එල්ල කරේ මුදල් අමාත්‍යාංශ ලේකම්ගේ නිවසට” බවයි.

තවදුරටත් අදහස් දැක්වූ බණ්ඩාර මහතා, “තමන්ගේ පාක්ෂිකයෝම නායකයන්ට ගොම ප්‍රහාර එල්ල කරන තත්වෙට දැන් පත්වෙලා” යනුවෙන් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *