නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට හිමි වූ ජාතික ලයිස්තු මන්ත්රී ධූර දෙකෙන්, දැනට පුරප්පාඩු වී පවතින මන්ත්රී ධූරය පිරවීම තවත් මාස තුනකටවත් සිදු නොවන බව එම පෙරමුණේ ප්රබලයෙකු උපුටා දක්වමින්, සති අන්ත මව්බිම පුවත්පත වාර්තා කරයි.
ඉතිරිවී තිබෙන අනෙක් ජාතික ලයිස්තු මන්ත්රී ධූරය ඔවුන්ට ලබා දෙන ලෙස, කාන්චන විජේසේකර, නිමල් ලාන්සා, ප්රමිත බණ්ඩාර තෙන්නකෝන්, දුමින්ද දිසානායක සහ ගාමිණී ලොකුගේ ඇතුළු කිහිප දෙනෙකුම ඉල්ලා ඇති බව වාර්තා වේ.
කෙසේ වෙතත්, පුවත්පත වා්තාකරන ආකාරයට, ඔවුන් කිසිවෙකුට එම මන්ත්රී ධූරය හිමි නොවනු ඇත.
ඉතිරිව තිබෙන ජාතික ලයිස්තු මන්ත්රීධූරයටද එජාප ප්රබලයෙකු පත් කිරීමට නියමිත බව වාර්තා කරන සති අන්ත මව්බිම පුවත්පත, බොහෝ දුරට එසේ පත් කිරීමට නියමිතව ඇත්තේ, හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාම වීමේ ඉඩක් පවතින බවද ප්රකාශ කරයි.