පෙර වසරවල මෙන් මහනුවර ඇසළ පෙරහර වීථි සංචාරය කරන මාර්ගවල පදික වේදිකාවන් තුළ මුදලට පුටු දමා විකිණීමට මේ වසරේ ඉඩක් නොමැති බව මහනුවර දිස්ත්රික් ලේකම් චන්දන තෙන්නකෝන් පවසයි.
ඉකුත් වසර වල පදික වේදිකාවන් හි පුටු දමා විකිණීමෙන් ගැටලුකාරී තත්ත්වයක් ඇතිවූ බවට තොරතුරු අනාවරණය වූ බැවින්, මෙවර මහනුවර ක්වීන්ස් හෝටලයේ කොරිඩෝවේ හි පමණක් පුටු විකිණීම සඳහා ටෙන්ඩර් කැඳවා ඇති බවද ඔහු සඳහන් කළේය.
පෙරහර ගමන් ගන්නා සියලුම මාර්ගවල පදික වේදිකාවන් මහජනතාව වෙනුවෙන් විවෘත බව දිස්ත්රික් ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.
ඔහු මේ බව කියා සිටියේ අද මහනුවර දළදා මාලිගා පරිශ්රයේ බහු කාර්යය ගොඩනැඟිල්ලේ පැවැති පෙරහර සංවිධාන කමිටු රැස්වීමේදී ය.