මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් වෙළෙඳසල්වල විකිණීමට ඇති කරවල හා කහ කුඩු ගුණාත්මක තත්ත්වයෙන් ඉතා අඩු බව රස පරීක්ෂක වාර්තා මඟින් අනාවරණය වී තිබේ.
මහනුවර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කොට්ඨාසයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල මඟින් කහ කුඩු නියැදි 62ක් හා කරවල නියැදි 61ක් අනුරාධපුර රජයේ අතිරේක රස පරීක්ෂක වෙත යොමු කර ලබාගත් වාර්තාවකට අනුව කහ කුඩුවලින් 61.3 %ක් ද කරවලවලින් 59 %ක් ද ගුණාත්මක බවින් අඩු බව තහවුරු වී ඇත.
රස පරීක්ෂක වෙත යොමු කළ කහ කඩු සාම්පල 62න් 38ක් ද කරවල සාම්පල 61න් 36ක් ද ගුණාත්මක බවින් අඩු තත්ත්වයෙන් තිබූ බව මහනුවර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.
ගුණාත්මක බවින් අඩු කහ කුඩු සහ කරවල අලෙවි කළ ව්‍යාපාරිකයන්ට එරෙහිව නීති මඟින් කටයුතු කිරීමට නියමිත අතර තත්ත්වය ඉතා අයහපත් බැවින් මේ සම්බන්ධයෙන් පොදු ක්‍රියාමාර්ග ගැනීම සඳහා අදාළ දත්ත මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට යොමු කිරීමට සෞඛ්‍ය අංශ තීරණය කර තිබේ.