රජයේ සාක්ෂිකාරයෙක් වෙන්න කපිල චන්ද්‍රසේන ඉල්ලලා,සල්ලි බෙදපු හැටි ලේඛනගත සාක්ෂිත් දීලා – අධිකරණයේදී අනාවරණය වෙයි

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එයාර් බස් (Airbus) යානා මිලදී ගැනීමේදී සිදුවූ බව කියන මූල්‍ය වංචාව සම්බන්ධයෙන් වන නඩු විභාගයේදී ඉතා වැදගත් තොරතුරු රැසක් අනාවරණය වී තිබේ.
මෙම සිද්ධියේ සැකකරුවෙකු ලෙස සිටි කපිල චන්ද්‍රසේන මහතා, තමන් සතු සියලු තොරතුරු හෙළි කිරීමට සූදානම් බවත්, ඒ වෙනුවෙන් තමන්ව “රජයේ සාක්ෂිකරුවෙකු” ලෙස නම් කරන ලෙසත් සිය නීතිඥවරයා මාර්ගයෙන් ඉල්ලා ඇත.

මුදල් බෙදී ගිය ආකාරය: අදාළ ගනුදෙනුවෙන් ලැබුණු ඇමෙරිකානු ඩොලර් මිලියන 2ක මුදල බෙදී ගිය ආකාරය පිළිබඳව ඔහු විසින් දීර්ඝ විස්තරයක් කර තිබේ. එම මුදල් ලබාගත් අවස්ථාවන් සහ පුද්ගලයන් පිළිබඳ ලේඛනගත සාක්ෂි ද ඔහු විසින් විමර්ශන නිලධාරීන්ට ඉදිරිපත් කර ඇත.

මහින්ද රාජපක්ෂ මහතා කළ ඉල්ලීමකට අනුව, අවස්ථා තුනකදී රුපියල් මිලියන 20 බැගින් රුපියල් මිලියන 60ක මුදලක් තංගල්ලේ කාල්ටන් නිවසේදී සහ බෙලිඅත්තේ පිහිටි නිවසේදී ලබා දුන් බවට කපිල චන්ද්‍රසේන මහතා ප්‍රකාශ කර තිබේ.

2015 වසරේදී ශ්‍රී ලංකා ගුවන් සමාගමෙන් ඉවත් වන අවස්ථාවේදී එවකට සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා වූ පියංකර ජයරත්න මහතාට කොල්ලුපිටිය ප්‍රදේශයේදී රුපියල් මිලියන 20ක මුදලක් ලබා දුන් බව ද මෙහිදී අනාවරණය විය.

image 7 Iri News
image 8 Iri News
image 9 Iri News
image 10 Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *