කරාපිටිය රෝහලේ පිළිකා ශල්‍ය විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා වහාම ක්‍රියාත්මකවන පරිදි මහරගම අපේක්ෂා රෝහල වෙත ස්ථාන මාරු කර යැවීමට ගාල්ල කරාපිටිය ජාතික රෝහලේ අධ්යක්ෂ එස්.ඩී.යු.එම් රංග විසින් නිකුත් කළ ලිපියක් මගින් කටයුතු කර තිබේ. ඉදිරි විනය කටයුතුවලට යටත්ව මෙම ස්ථාන මාරුව සිදුකර ඇති බව ඊට අදාල ලිපියේ සඳහන්ව ඇත.
ඉදිරි විනය ක්‍රියාමාර්ග යටතේ සහ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සෞඛ්‍ය සේවා කමිටුවේ ආවරණ අනුමැතියට යටත්ව මෙම ස්ථානමාරුවීම පිළිබඳ නියෝගය ලබා දී තිබේ. විශේෂඥ පිළිකා ශල්‍ය වෛද්‍යවරයා අද දින සිට කරාපිටිය රෝහලෙන් නිදහස් කර ඇත.
විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා වෛද්‍ය කාර්ය මණ්ලයේ විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනෙකුට තර්ජනය කිරීම සම්බන්ධයෙන් ඔහුගේ හැසිරීමට විරුද්ධව කරාපිටිය රෝහලේ වෛද්‍ය කාර්යමණ්ඩලය සංකේත වර්ජනයක නිරත වූ අතර අද එය පූර්ණ වැඩ වර්ජනයක් ලෙස ක්‍රියාත්මක කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබිණි. විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා සම්බන්ධව වෛද්‍ය කාර්මණ්ඩලය සහ සුලු සේවකයින්ට එරෙහිව ප්රචන්ඩ හැසිරීම් චෝදනා එල්ල වී තිබිණි.
කෙසේ වෙතත් මෙම වෛද්‍යවරයා රෝගීන් විෂයෙහි ඉතාම වගකීම් සහිත සහ මානුෂික මෙහෙවරක නිරත වෛද්‍යවරයෙක් බව ද වාර්තා වේ. එහෙත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ විශේෂඥ වෛද්‍යවරයා අතර නිරන්තර මතවාදී ගැටුමක් පවතින බව ද රෝහල් ආරංචි මාර්ග කියයි.