කතරගම රාජපක්ෂ මන්දිරේ ලිපිගොනු සකස් කරන්න උදව් වූ කතරගම හිටපු ප්‍රාදේශිය සභාපති අත්අඩංගුවට

කතරගම මැණික් ගංතෙර පිහිටා තිබෙන රාජපක්ෂවරුන්ට අයත් බව කියන මන්දිරය සම්බන්ධයෙන්, කතරගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අශෝක වික්‍රමසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ. 

මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙන්නේ, එකී මන්දිරයට අදාල ලිපි ලේඛන සකස් කර ඇත්තේ ඔහු බවට වන චෝදනාව මතයි. 

මැණික් ගංතෙර පිහිටි මෙම මන්දිරයේ හිමිකාරත්වය සම්බන්ධයෙන් ගැටළුවක් මත-ුව තිබෙන අතර, ඒ පිළිබදව ප්‍රශ්න කිරීම සදහා මීට පෙර, මෙම වසරේ ජනවාරි මාසයේ දී ගෝඨාභාය රාජපක්ෂ සහ යෝෂිත රාජපක්ෂ යන අයද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්ත-ුවට කැදවා තිබුණි. 

අදාල මන්දිරයට ලබා දී තිබෙන විදුලි සැපයුම සදහා වන බිල්පත් ජී. රාජපක්ෂ නමැති අයකු-ගේ නමට නිකුත් වන බව වාර්තා වේ. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *