තත්ත්වයෙන් බාල හියුමන්ඉමියුනෝ ලොබියුලින් හා පිළිකා ඖෂධ සම්බන්ධ නඩුවේ සැපැයුම්කරු තවත් ප්‍රතිදේහ ජනක ඖෂධ, ව්‍යාජ නිෂ්පාදකයන්ගේ නම් සඳහන් කරමින් මෙරටට ගෙන්වීමට ප්‍රසම්පාදන ඉල්ලුම් පත් යොමු කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.
අදාළ ප්‍රශ්න සහගත ඖෂධ සැපැයුම්කරු බාල ඖෂධ ගෙන්වීම සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩුව විභාග වෙමින් පවතිද්දී මේ අන්දමට නැවත ඖෂධ ගෙන්වීමට ඉල්ලුම් පත් යොමු කර ඇති බව අනාවරණය වී ඇතැයි විශේෂඥ වෛද්‍ය, ජී. ජී. චමල් සංජීව මහතා සඳහන් කරයි.
අදාළ සැපයුම්කරු සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව තමාට නිත්‍යානුකූල අයිතියක් නොමැති ඉන්දියානු ඖෂධ සමාගමක නම නිෂ්පාදන සමාගම ලෙස සැකකරු විසින් සඳහන් කර ඇති බවද හෙළිව තිබේ.
බාල ඖෂධ හියුමන්ඉමියුනෝග්ලොබියුලින් වංචාවට පමණක් සීමා නොවන බැවින් පසු ගියකාලයේ මෙරටට ගෙන්වන ලද සහ දැනට භාවිතයේ පවතින සැලකියයුතු ඖෂධ ප්‍රමාණයක් සම්බන්ධයෙන් ද විමර්ශනයක් සිදු කිරීම අනිවාර්යයෙන් කළ යුත්තක් බවද විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා කියයි.