කුලියාපිටියේදී ඝාතනය කළ තරුණයා පෙම්වතියව 15 හැවිරිදි වියේදී දූෂණය කර ඇති බව හෙළි වෙයි

කුලියාපිටිය, ඉලුක්හේන ප්‍රදේශයේදී පසුගිය අප්‍රේල් 22වැනිදා තරුණයෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිදුවීමට අදාලව සැකකාර පෙම්වතිය යැයි කියනු ලබන තරුණියව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මීගමුව ප්‍රදේශයේ පිහිටි ඇයගේ ඥාති නිවෙසක සිටින බවට ලැබුණු තොරතුරක් මත කරන ලද දැනුම් දිමක් අනුව මෙම තරුණිය ඇයගේ ඥාතියකු සමග ඊයේ කුලියාපිටිය  මූලස්ථාන පොලිසියට පැමිණ ඇතැයි පැවැසේ.

මෙම තරුණිය ගේ සහෝදරයන් දෙදෙනා මීගමුව නිවෙසේ රැඳී සිටින බවට ද පොලිසිය තහවුරු කරගෙන තිබේ.

තම නිවෙසට සුසිත් නමැත්තා ගෙන්වා ගැනීමෙන් පසු තමා කිරි අම්මා ගේ නිවෙසට කැඳවාගෙන ගිය බව එම තරුණිය පොලිසියට පවසා ඇතැයි දැන ගැනීමට ඇත.

තමා අවුරුදු 15 ක වයසේ පසුවන පාසල් සිසුවියකව සිටියදී සුසිත් නමැත්තා පිහියක් පෙන්වා මරා දමන බවට තර්ජනය කර නිවෙසේ උඩු මහලට බලහත්කාරයෙන් රැගෙන ගොස් මුල්වතාවට දූෂණය කළ බවත් ඉන්පසු වරින් වර දූෂණය කළ බවත් තමන් මරාදමාවිය යැයි යන බියට මවුපියන් සමග මේ බව කියන්නට නොගිය බවත් එම තරුණිය පොලිසියට ප්‍රකාශ කර ඇතැයි කියති.

මේ වන විට තමා අවුරුදු 18 ක වයසේ පසුවන තැනැත්තියක බව ද ඇය පොලිසියට පවසා ඇත.

නැවතත් වසර කිහිපයකට පසු පසුගිය ජනවාරි මාසයේදී නිවෙසේ කිසිවකු නොමැතිව සිටි අවස්ථාවක පිහියක් පෙන්වා මරන බවට තර්ජනය කර බලහත්කාරයෙන් දූෂණය කළ බවත් ඉන්පසු ද අවස්ථා ගණනාවක දී තමාට මරණීය තර්ජන එල්ල කර බලහත්කාරයෙන් දූෂණය කළ බවත් තරුණිය පවසන්නේ යැයි පොලීසිය කියයි.

සිය පෙම්ව­ති­යගේ පියා­ගෙන් ලද කැඳ­වී­ම­කට අනුව පසු­ගිය අප්‍රේල් 22 දා උදෑ­සන කුලි­යා­පි­ටිය, වස්සා­වුල්ලේ පිහිටි පෙම්ව­ති­යගේ නිවෙ­සට ගිය මොහොතේ සිට අතු­රුදන්ව සිටි සුසිත් ජය­වංශ නමැති 31 හැවිරිදි තරු­ණ­යාගේ මළ සිරුර පොලි­සිය විසින් සොයා­ගනු ලබන්නේ පසු­ගිය 07 වැනිදා මාදම්පේ, පනි­රෙ­න්ඩාව රක්ෂි­ත­යෙන්.

මේ ඝාත­නය සම්බ­න්ධ­යෙන් මේ වන විට කුලි­යා­පි­ටිය පොලි­සිය සැක­ක­රු­වන් 9 දෙනෙකු අත්අ­ඩං­ගු­වට ගෙන තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *