තුන් අවුරුද්දක් හිරේ ගිය පොහොට්ටු කුරුණෑගල නගරාධිපතිගේ සිර දඩුවමට අවුරුද්දට බස්සයි

බුවනෙකබා රජුගේ රාජ සභා මණ්ඩපය ලෙස හදුනාගෙන තිබුණු ගොඩනැගිල්ලක් කඩා බිද දමා ඩෝසර් කිරීම සම්බන්ධව පවරා තිබුණු නඩුවෙන් වරදකරු වී තෙවසරක සිරදඩුවමක් භුක්ති විදිමින් සිටි කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීවගේ සිර දඩුවම, එක් වසරක් දක්වා අඩු කිරීමට අභියාචනාධිකරණය නියෝග කර තිබේ.

රාජසභා මණ්ඩපය කඩා දැමීමේ සිදු වීම වාර්තා වූවේ 2020 වසරේ අගෝස්තු මාසයේ දී ය.

නමුත්, කුරුණෑගල මහාධිකරණය ඔහුට තෙවසරක සිරදඩුවම නියම කරන ලද්දේ, 2023 වසරේ දෙසැම්බර් මාසයේ දී ය.

අභියාචනාධිකරණය ඔහුගේ සිර දඩුවම වසරක් දක්වා සීමා කර ඇති බැවින්, කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීවගේ සිරදඩුවම මේ වසරේ දෙසැම්බර් මාසයෙන් අවසන් වනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *