ලක්ෂ 2438ක් හෙව්ව හැටි කියන්න බැරි වූ හිටපු මන්ත්‍රී සජිත් වාස් රක්ෂිත බන්ධනාගාරගත කරයි

අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා මාර්තු 24 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ රුපියල් මිලියන 243.8ක නීතිවිරෝධි වත්කම් ඉපැයීමේ චෝදනාවක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළවය.

ලබාදීම සඳහා ඔහු අද (09) පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණි අවස්ථාවේදී අත්අඩංගුවට පත්වූ අතර ඉන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කළේය.

එහිදී කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්, අසංග එස් බෝදරගම මහතා විසින් මෙම තීන්දුව ලබාදුන්නේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *