ලබන සැප්තැම්බර් 12 වැනිදා අනුරාධපුරයේ දී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනරැළියට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙන්ම, දැනට රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ බිරිඳ ද සහභාගී වන බවට පක්ෂය මගින් දැනුම් දී ඇති බව නොච්චියාගම ප්‍රාදේශීය සභා මන්ත්‍රී සෙනිවිරත්න ජයවර්ධන මහතා පවසයි.
“අපිට පක්ෂයෙන් දැනුම් දීලා තියෙනවා, ජන රැළියට මහින්ද රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂගේ බිරිඳ සහභාගී වෙනවා කියලා. අපිට ඒක ලොකු හයියක්” යැයි ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කර තිබේ.