අද මධ්‍යම රාත්‍රියේ සිට ලිට්‍රෝ ගෑස් මිල රුපියල් 775කින් ඉහළ දමයි

ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම විසින් අද (05) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ගෘහස්ථ ගෑස් මිල ඉහළ දැමීමට තීරණය කර ඇත.

ලෝක වෙළඳපොළේ මිල ගණන් අනුව මෙම මිල සංශෝධනය සිදුකර ඇත.

නව මිල සංශෝධනයට අනුව කාණ්ඩ තුනක් යටතේ මිල ගණන් වෙනස් වී ඇති ආකාරය පහත පරිදි වේ:

  • 12.5Kg : රුපියල් 775.00 කින් (19.4%) ඉහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 4,765.00 කි. (පැවති මිල: රු. 3,990.00) 
  • 5Kg : රුපියල් 308.00 කින් (19.2%) ඉහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 1,910.00 කි. (පැවති මිල: රු. 1,602.00) 
  • 2.3Kg : රුපියල් 140.00 කින් (18.7%) ඉහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 890.00 කි. (පැවති මිල: රු. 750.00) 

මෙම මිල සංශෝධනයත් සමඟ අද දින සිට දිවයින පුරා පාරිභෝගිකයින්ට මෙම නව මිල ගණන් යටතේ ගෑස් මිලදී ගැනීමට සිදුවනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *