සියයට සියයක්ම දේශීය සමාගමක් ඖෂධ අපනයනට එක්වූ පළමු අවස්ථාව සනිටුහන් කරමින් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ කටුනායක වෙළෙඳ කලාපයේ පිහිටි සමාගමක් එක්සත් ජනපද ඩොලර් මිලියන තුනක ඖෂධ සැම්බියා රාජ්‍යයට ඊයේ (03) පිටත් කර යැවීමට පියවර ගත්තේය.
යාදෙන් ලැබොරටරීස් (Yaden Laboratories) පෞද්ගලික සමාගම විසින් මෙසේ ඹෟෂධ තොග සැම්බියාව වෙත යවා තිබේ. වසර 3ක කාලයක සිට මෙරට අවශ්‍යතා සඳහා මෙම සමාගම ඖෂධ නිෂ්පාදනය කරයි. සැම්බියාවට අපනයනය කර ඇත්තේ නිෂ්පාදිත දියර එන්නත් (Liquid Injectable) ය. ශල්‍යකර්ම සඳහා භාවිත කරන එන්නත් මෙම අපනයනයට නිෂ්පාදනය කෙරිණි. එම ඇනවුමේ වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 3කි. දේශීය සමාගමක් විසින් මෙරට නිෂ්පාදිත ඖෂධ ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත නිකුත් කළ ප්‍රථම අවස්ථාව මෙය වේ.
තම සමාගම ගුණාත්මක බවින් ඉහළ ඖෂධ නිෂ්පාදනය සාර්ථකව සිදු කරන බවත්, මේ වන විට මෙරට සෞඛ්‍ය අමාත්‍යාංශය හරහා එන්නත් මිලියන 6කට වැඩි ප්‍රමාණයක් දේශීය වශයෙන් සපයා ඇති බව යාදෙන් සමාගමේ සභාපති අධ්‍යක්ෂ ජනරාල් ශෂිමාල් දිසානායක මහතා සඳහන් කරයි. යාදෙන් සමාගමට මේ වන විටත් සෝමාලියාව, අසර්බයිජානය, යුරෝපා හා ආසියානු රටවලින් ඇනවුම් ලැබී ඇති බවත්, ඉදිරියේදී මෙම රටවලටද තම නිෂ්පාදන අපනයනය කරන බවත් බවත් ඒ තුළින් අෙමරිකානු ඩොලර් මිලියන 10ක ආදායමක් අපේක්ෂා කරන බවත් ශෂිමාල් දිසානායක මහතා සඳහන් කළේය. ලැබෙමින් පවතින ඇනවුම් ඉහළ යාමත් සමග තම කර්මාන්තශාලා පුළුල් කිරීමට අපේක්ෂා කරන අතර, ඒ සදහා අෙමරිකානු ඩොලර් මිලියන 10ක ආයෝජනයකින් කර්මාන්තශාලා පුළුල් කිරීමට ද අපේක්ෂා කරන බව යාදෙන් සමාගම පවසයි.