ශ්රී ලංකාවේ නව වන විධායක ජනාධිපතිවරයා තෝරාගෙන පත් කරගැනීම සඳහා වන ඡන්ද විමසීම මෙවන විට පැවැත්වෙමින් තිබේ.
අද පෙරවරු හතට ආරම්භ වූ ඡුන්ද විමසීම පස්වරු හතරට අවසන් කිරීමට නියමිතව තිබේ.
තම ඡන්දය ප්රකාශ කිරීම සඳහා රට පුරා සියලු ප්රදේශයන්හි ඉහළ උනන්දුවක් පවතින බව මැතිවරණ නිරීක්ෂකයන් කියා සිටිති.