පාඩු ලැබූ මිල්කෝ සමාගම බිලියන 3ක ණය ගෙවා සේවකයින්ගේ සුබ සාධනයට KDH වෑන් රථයක් ලබා දෙයි

පාඩු ලබන ආයතනයක් ලෙස සලකා පෙර රජය විසින් විකිණීමට සූදානම් කර තිබූ මිල්කෝ (Pvt) Ltd. සමාගම, ජාතික ජන බලවේගයේ ආණ්ඩුවේ පාලනය යටතේ වසර දෙකකටත් අඩු කාලයක් තුළ රුපියල් මිලියන 3,500කට අධික ණය මුදලක් සම්පූර්ණයෙන් ගෙවා අවසන් කරමින් ලාභ ලබන ආයතනයක් බවට පත්ව තිබේ.

මෙසේ මිල්කෝ සමාගම ලාභ ලබන ආයතනයක් බවට පත් කිරීමට දායක වූ සියලුම සේවකයින්ගේ සුබසාධනය වෙනුවෙන් නව KDH වෑන් රථයක් දිගන කර්මාන්ත ශාලාව වෙත පරිත්‍යාග කර තිබේ. එම වෑන් රථය අද කොළඹ නාරාහේන්පිටින් දිගන බලා පිටත් වූ අතර, එය සමාගමේ දිගන කර්මාන්ත ශාලාවේ සේවක සුබසාධන කටයුතු සඳහා යොදාගැනීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *