මෙරට ප්‍රධාන පෞද්ගලික නාලිකා කිහිපයක් ජාතික ජන බලවේග රජයට එරෙහිව දැවැන්ත ප්‍රචාරක ව්‍යාපාරයක් දියත් කර තිබෙන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පවසයි.
මෙම ප්‍රධාන නාලිකා අතරෙන් එක් නාලිකාවක්, තමන් ඉරටත් උඩින් සිටින බවට පුරසාරම් බෑවද, කිසිසේත්ම ජීවිතාන්තය දක්වා සිරගතව සිටින එම නාලිකා හිමිකරුගේ සහෝදරයා (දුමින්ද දිසානායක) කිසිසේත්ම නිදහස් නොකරන බව පවසයි.
එමෙන්ම අදාල නාලිකා හිමිකරුගේ සහෝදරයා බන්ධනාගාර රෝහලතුළ නේවාසිකව සිටින්නේ සාධාරණ පදනමකින් ද යන්න පිළිබදවද මේ වන විටත් රජය සොයා බලමින් සිටින බවද ඔහු පැවසී ය.
ඊට අමතරව, ඇන්ටිජන් වංචාවට සම්බන්ධ අනෙක් ප්‍රධාන නාලිකා හිමිකරුට එරෙහිව ද නියෝජ්‍ය අමාත්‍යවරයා දැඩි වාග් ප්‍රහාරයක් එල්ල කළේ ය.