සල්ලි අරන් මම කාවවත් රට යැව්වේ නෑ – මනූෂ කියයි

හිටපු විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කර මහතා විසින් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වත්මන් සභාපතිවරයාට එරෙහිව රුපියල් බිලියනයක වන්දි ඉල්ලා එන්තරවාසි යවා තිබේ. 

ඒ, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වත්මන් සභාපති කෝසල වික්‍රමසිඅංහ මහතා විසින් හිටපු අමාත්‍යවරයාට එරෙහිව එල්ල කර තිබෙන චෝදනා පදනමක් නැති අභූත චෝදනා බව ප්‍රකාශ කරමිනි.  

විද්‍යුත් මාධ්‍ය නාලිකාවක වැඩසටහනකට සහභාගී වෙමින්,  විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වත්මන් සභාපතිවරයා වන කෝසල වික්‍රමසිංහ මහතා, තමන් පුද්ගලයන් විදෙස්ගත කරවීම සදහා මුදල් ලබාගෙන ඇති බවට වක්‍රාකාරයෙන් චෝදනා කර තිබෙන බව මනූෂ නානායක්කාර මහතා පවසයි. 

එම චෝදනාව පදනම් විරහිත අභූත චෝදනාවක් බව පවසන මනූෂ නානායක්කාර මහතා, එම චෝදනාව මගින් තමන්ගේ කීර්ති නාමයට සිදුකර තිබෙන හානිය වෙනුවෙන් රුපියල් බිලියනයක වන්දි මුදලක් කෝසල වික්‍රමසිංහ ගෙන් ඉල්ලා සිටියි. 

ඊට අදාල වූ එන්තරවාසිය, මනූෂ නානායක්කර මහතාගේ නීතීඥයන් විසින් කෝසල වික්‍රමසිංහ මහතා වෙත යොමු කර තිබේ. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *