කොටුව දුම්රිය පොලේ මරදාන සහ බම්බලපිටිය අන්ත දෙකේ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින්ටත් ප්‍රවේශ විය හැකි නව මගී පාලම් ඉදිකරන්න අනුමැතිය

කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ මගී පහසුකම් වැඩිදියුණු කිරීමේ දැවැන්ත ව්‍යාපෘතියක් සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. රුපියල් මිලියන 2,162.64ක වටිනාකමකින් යුත් මෙම කොන්ත්‍රාත්තුව M/s. MAGA Engineering (Pvt) Ltd වෙත පිරිනැමීමට තීරණය කර ඇත.

ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවකට අනුව මෙම සංවර්ධන කටයුතු සිදු කිරීමට නියමිතය.

මරදාන සහ බම්බලපිටිය අන්තයන්හි දැනට පවතින මගී පාලම් ඉවත් කර, විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින්ට ද ප්‍රවේශ විය හැකි පරිදි (Access-friendly) නව පාලම් ඉදිකිරීම.

නව මගී පාලම් සමඟ ඒකාබද්ධ වූ නවීන ප්‍රවේශපත්‍ර කවුළු පද්ධතියක් ස්ථාපනය කිරීම.

මගී අවශ්‍යතා සඳහා අවශ්‍ය සියලු පහසුකම්වලින් සමන්විත නව තෙමහල් සේවා ගොඩනැගිල්ලක් ඉදිකිරීම.

ජාතික තරගකාරී ලංසු කැඳවීමේ ක්‍රමවේදය යටතේ ආයතන 04ක් ඉදිරිපත් කළ ලංසු ඇගයීමෙන් අනතුරුව, ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය මත මෙම ආයතනය තෝරාගෙන තිබේ. 2025 ජූනි මාසයේදී මීට අදාළ මූලික අනුමැතිය හිමිව තිබූ අතර, දැන් එහි ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *